ඊයේ හඳුනාගත් ආසාදිතයිගෙන් වැඩිම පිරිසක් කොළඹින්
Monday, 04 January 2021 - 14:39 | Views - 380
යුක්රේන සංචාරක කණ්ඩායම අද (04) සහ හෙට (05) පොළොන්නරුවේ සහ සීගිරියේ සිදුකිරීමට සැලසුම් කර තිබූ සංචාරයන් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

කොරෝනා වෛරසය හමුවේ බිද වැටී ඇති සංචාරක කර්මාන්තය යළි නගා සිටුවීම සඳහා දියත් කර ඇති නියමු ව්‍යාපෘතියට අනුවයි මෙම සංචාරක කණ්ඩායම පසුගිය දා දිවයිනට පැමිණියේ.

ඔවුන් අද පස්වරුවේ පොළොන්නරුව සංචාරක කලාපයේත් හෙට සීගිරිය සංචාරක කලාපයේත් සංචාරය කිරීමට සැලසුම් කර තිබුණා.

කෙසේ වෙතත් මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කළේ අද සහ හෙට සිදු කෙරෙන සංචාරයන් අත්හිටුවා ඇති බවට අදාළ නියමු ව්‍යාපෘතිය සිදුකරන සංචාරක අමාත්‍යාංශය දැනුම්දී ඇති බවයි.

මෙරටට පැමිණි යුක්රේන ජාතික සංචාරකයන් අටදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට මීට පෙර හඳුනාගැනුනා.

එමෙන්ම අදාළ සංචාරක කණ්ඩායම ප්‍රවාහනය කළ යාල ජාතික වනෝද්‍යානයේ සෆාරි ජීප් රථ රියදුරන් 28 දෙනෙකු ද නිරෝධායනය සඳහා යොමු කෙරුණා.

කෙසේ වෙතත් අදාළ නිරෝධායන ක්‍රියාවලියට සෆාරි ජීප් රථ රියදුරන් දැඩි විරෝධයක් පළ කළ අතර, ඇතැම් සංචාරකයන් යාල සංචාරය අතරතුර මුව ආවරණ පවා නොපැළඳ සිටි අවස්ථා දක්නට ලැබුණා.

මතුව ඇති මෙම තත්වයන් සම්බන්ධයෙන් සහ ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡාවක් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ ප්‍රධානත්වයෙන් අදාළ සියලු පාර්ශවල සහභාගීත්වයෙන් අද පස්වරුවේ සංචාරක අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම, යුක්රේනයේ සිට තවත් 95 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් අදත් දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඊයේ දිනයේ වාර්තාවූ මෙරට ආසාදිතයන් 403 දෙනා අතරින් වැඩිම ආසාදිත සංඛ්‍යාවක් එනම් 81 දෙනෙකු වාර්තාවී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

බස්නාහිර පළාතෙන් බැහැරව වැඩිම ආසාදිත සංඛ්‍යාවක් ඊයේ වාර්තාවී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙන් වන අතර, එම ආසාදිත සංඛ්‍යාව 56 ක්.

ගම්පහින් 30 දෙනෙකු, කළුතරින් 27 දෙනෙකු, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් 20 දෙනෙකු ඊයේ වාර්තාවී තිබෙනවා.

එමෙන්ම හඳුනා නොගත් ප්‍රදේශ වශයෙන් වෙන් නොකළ තවත් 85 දෙනෙකුද ඊයේ වාර්තාවූ ආසාදිතයන් අතර වන බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දෛනිකව නිකුත් කරන වාර්තාවේ දැක්වෙන්නේ.

මේ අතර මහනුවර මහ නගර සභාවේ ලේකම් අංශයේ සුළු සේවකයෙකුට කොරෝනා ආසාදිත බවට තහවුරු වීම හේතුවෙන් එම අංශය තාවකාලිකව වසා දැමීමට පියවර ගැනුණා.

අදාළ සේවකයාගේ පුත්‍රයා විදේශගතවන අවස්ථාවේදී කොරෝනා ආසාදිත බවට හඳුනාගැනීම හේතුවෙන් නගර සභා සේවකයාට ද සිදුකළ රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණයකිනුයි ඔහු ආසාදිත බවට හඳුනාගෙන ඇත්තේ.

එමෙන්ම ගාල්ල - උණවටුන ප්‍රදේශයේ රෙදි පිරිසිඳු කිරීමේ ආයතනයක සේවකයෙකුට කොරෝනා ආසාදිත බවට ඊයේ තහවුරු වූ බව හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළා.

පසුගිය දෙසැම්බර් 28 වනදා ද එම ආයතනයෙන් කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගැනුනු අතර, මේ දක්වා හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වාර්තාවී ඇති මුළු ආසාදිත සංඛ්‍යාව 11 ක්.

මේ අතර, පොළොන්නරුව - ගල්ලෑල්ල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පසුගිය 31 වනදා අලුයම පලාගිය රැඳවියන් පස්දෙනා අතරින් 4 දෙනෙකු තවමත් අත්අඩංගුවට ගැනීමට හැකි වී නැහැ.

ඔවුන් සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නම් ළඟම පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top