අලිබාබා නිර්මාතෘ ජැක් - මා අතුරුදන්
Monday, 04 January 2021 - 14:23 | Views - 1,285
අලිබාබා නිර්මාතෘ ජැක් - මා මාස ගණනාවක සිට අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඔහු මාස කිහිපයක සිට සමාජයට පැමිණ නොසිට ඇති බව එම වාර්තාවල සඳහන්.
මීට පෙර ජැක් මා, චීන රජය විවේචනය කර තිබූ අතර, ඒ හේතුවෙන් ඔහුගේ සමාගම්වල ආදායම ද බොහෝ සෙයින් පහත වැටී තිබුණා.
ඊට හේතු වූයේ චීන රජය විසින් ගෙන එනු ලැබූ ඇතැම් නීති රීති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
Share This Article