ETI තැන්පත්කරුවන් නීතිපති හමුවට
Monday, 04 January 2021 - 13:35 | Views - 304
ඊ.ටී.අයි. තැන්පත්කරුවන් පිරිසක් අද (04) නීතිපති දප්පුල ලිවේරා වෙත සංදේශයක් භාර දුන්නා.
ඒ, ටෙක්නිකල් මං සන්ධියේ සිට විරෝධතා පා ගමනකින් නීතිපති දෙපාර්තමේන්තුව වෙත පැමිණීමෙන් අනතුරුවයි.
සංදේශය භාරදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමයේ සභාපතිනී අනූෂා ජයන්ති කියා සිටියේ ඊ.ටී.අයි. ආයතනයේ සිදු වූ බව කියන අක්‍රමිකතා පිළිබඳ විමර්ශනය කිරීමට ජනාධිපතිවරයා විසින් පත් කළ කොමිසමේ නිර්දේශයන්ට අනුව තැන්පත්කරුවන්ට සාධාරණය ඉටු විය යුතු බවයි.
Share This Article