හල්දුම්මුල්ලේ දී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරලී 13කට තුවාල
Monday, 04 January 2021 - 12:38 | Views - 283
හපුතලේ සිට බලන්ගොඩ දක්වා ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් හල්දුම්මුල්ල - වල්හපුතැන්න ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන් ගත් කුඩා ළමයින් 07 දෙනෙකු ඇතුළු 13 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ඉන් කිහිප දෙනෙකු හල්දුම්මුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මාරු කර යැවුණේ දියතලාව මුලික රෝහලටයි.
හපුතලේ - ලිප්ටන් සීට් නැරඹුම් මධ්‍යස්ථානය වෙත ගොස් ඊයේ (03) රාත්‍රියේ නැවත පැමිණෙමින් සිටියදී ඔවුන් මෙම අනතුරට ලක්ව තිබෙනවා.
Share This Article