වසර 117ක් පැරණි වාර්තාව බිඳ දමමින් ශ්‍රී ලංකා පිළ පළමු ඉනිමේදී ඉතිහාසයට එක්වෙයි
Monday, 04 January 2021 - 9:46 | Views - 450

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර ජොහැනස්බර්ග් හී දී පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනය අදයි.
පළමු දිනය ඊයේ (03) නිමා වන විට දකුණු අප්‍රිකානු කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා එක් කඩුල්ලක් දැවී ලකුණු 148ක් ලබා සිටියා.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිළ සිය පළමු ඉනිම සඳහා සියළු දෙනා දැවීලකුණු 157ක් රැස් කළා.
ඊයේ දිනයේ ශ්‍රී ලංකා පිතිකරුවන් වසර 117ක් පැරණි වාර්තාවක් බිඳ හෙළමින් ඉතිහාසයට එක්වීම විශේෂ සිදුවීමක් බවට පත් වුණා.
ශ්‍රී ලංකා පළමු ඉනිමේ සාර්ථක වූ එකම පිතිකරුවා බවට පත් වුනේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පමණයි.
ඔහු ලකුණු 60ක් රැස්කරමින් ශ්‍රීලංකා පළමු ඉනිම ගොඩ නැගීමට උත්සහ කළ අතර දෙවන කඩුල්ල ලෙස ඔහු දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දැක්වුණේ ලකුණු 71ක් ලෙසටයි.
ඒ අනුව පිතිකරුවෙකු ටෙස්ට් තරඟයකදී ලකුණු 60කට වැඩියෙන් ලබා ගනිමින් දැවී ගිය අවස්ථාවකදී අදාළ කණ්ඩායම ලබාගෙන තිබූ අවම ලකුණු සංඛ්‍යාව ලෙසට ශ්‍රී ලංකා පිළ ඉතිහාසයට එක් වුණා.
මීට පෙර 1904 වසරේ දී එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පැවැති තරඟයකදී එංගලන්තය විසින් මෙම ලෝක වාර්තාව පිහිටුවා තිබුණා.
ඒ, එංගලන්ත ලකුණු පුවරුව 74ක්ව තිබියදී ජොනී ටයිල්ඩ්ස්ලි ලකුණු 62කට දැවී යාමත් සමඟයි.
Share This Article