කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක්, හුදෙකලා තත්ත්වයෙන් ඉවතට
Monday, 04 January 2021 - 8:38 | Views - 370
හුදකලා කර තිබූ කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල තවත් ප්‍රදේශ කිහිපයක් අද (04) අලුයම 5 සිට හුදකලා බවෙන් ඉවත් කෙරුණා.

ඒ අනුව මෝදර පොලිස් වසම සහ කෙසෙල්වත්ත පොලිස් වසමේ අලුත්කඬේ බටහිර සහ නැගෙනහිර යන ග්‍රාම නිලධාරී වසම් මෙන්ම බොරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල ග්‍රාම නිලධාරී වසම සහ මිරිහාන දෙමළවත්ත ප්‍රදේශය මෙලෙස හුදකලා බවෙන් ඉවත් කළ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම, පෑලියගොඩ පොලිස් වසමේ පෑලියගොඩවත්ත, මීගහවත්ත ග්‍රාම නිළධාරී වසම් සහ පට්ටිය - උතුර ග්‍රාම නිලධාරී වසමේ රෝහණ විහාර මාවත මෙන්ම පෑලියගොඩ ගඟබඩ ග්‍රාම නිලධාරී වසමේ නෙල්ලිගහවත්ත සහ පූරණකොටුවත්තද අද අලුයම 5 සිට හුදෙකලා බවෙන් ඉවත් කෙරුණා.

එමෙන්ම කිරිබත්ගොඩ, විලේගොඩ උතුර ග්‍රාම නිලධාරී වසමේ ශ්‍රී ජයන්ති මාවතද අද (04) අලුයම 5 සිට හුදකලා බවින් ඉවත් කෙරුණා.

කෙසේ වෙතත්, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ දැනට හුදකලා කර ඇති අනෙකුත් ප්‍රදේශ නැවත දැනුම් දෙනතුරු තවදුරටත් හුදකලා ප්‍රදේශ වශයෙන් පවතින බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top