මහර බන්ධනාගාර සිද්ධියේ අවසන් වාර්තාව, කැබිනට්ටුවට
Monday, 04 January 2021 - 8:35 | Views - 321
මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය පිළිබඳව සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව අද අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි ප්‍රකාශ කළේ එම වාර්තාවේ සඳහන් නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ද අපේක්ෂා කරන බවයි.
පසුගිය නොවැම්බර් මස 29 වනදා ඇති වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලිමට අධිකරණ අමාත්‍යවරයා කමිටුව පත් කළ අතර, එහි සභාපතිවරිය ලෙස කටයුතු කළේ හිටපු මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධනයි.
අනතුරුව, එම කමිටුවේ අතුරු වාර්තාව පසුගිය දෙසැම්බර් 7 වනදාත්, අවසන් වාර්තාව පසුගිය 30 වන දා අධිකරණය අමාත්‍යවරයා වෙත භාර දෙනු ලැබුවා.
මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් රැදවියන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, ඉන් 08 දෙනෙකුගේ සිරුරුවල පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව දේහයන් ආදාහනය සිදුකළා.
එමෙන්ම, තවත් සිරුරු 3ක පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීමට නියමිතයි.
Share This Article