මහර බන්ධනාගාර සිද්ධියේ අවසන් වාර්තාව, කැබිනට්ටුවට
Monday, 04 January 2021 - 8:35 | Views - 322
මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය පිළිබඳව සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව අද අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි ප්‍රකාශ කළේ එම වාර්තාවේ සඳහන් නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ද අපේක්ෂා කරන බවයි.

පසුගිය නොවැම්බර් මස 29 වනදා ඇති වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලිමට අධිකරණ අමාත්‍යවරයා කමිටුව පත් කළ අතර, එහි සභාපතිවරිය ලෙස කටයුතු කළේ හිටපු මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධනයි.

අනතුරුව, එම කමිටුවේ අතුරු වාර්තාව පසුගිය දෙසැම්බර් 7 වනදාත්, අවසන් වාර්තාව පසුගිය 30 වන දා අධිකරණය අමාත්‍යවරයා වෙත භාර දෙනු ලැබුවා.

මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් රැදවියන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, ඉන් 08 දෙනෙකුගේ සිරුරුවල පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව දේහයන් ආදාහනය සිදුකළා.

එමෙන්ම, තවත් සිරුරු 3ක පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීමට නියමිතයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top