ස්ථාන කිහිපයක් දේශීය සංචාරකයින්ට සීමා වෙයි
Monday, 04 January 2021 - 8:18 | Views - 431
පසුගිය 28 වන දා මෙරටට පැමිණි යුක්රේන සංචාරකයින් පොළොන්නරුවේ සංචාරය කිරීම හේතුවෙන් අද (04) පස්වරු 1 සිට එහි සංචාරක ස්ථාන දේශීය සංචාරකයින්ට වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.
මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කළේ පොළොන්නරුව සංචාරක ව්‍යාපෘතියට අයත් පරාක්‍රමබාහු මාළිගා සංකීර්ණය, දළදා මළුව, ශිව දේවාලය අංක දෙක, රන් කොත් වෙහෙර, ලංකාතිලක විහාරය, කිරි වෙහෙර මෙන්ම ගල් විහාරය වෙත මෙම පිරිස පැමිණීමට නියමිත බවයි.
මීට අමතරව ඔවුන් හෙට (05) සීගිරිය සංචාරක කලාපය නැරඹීම සඳහා පැමිණීමට නියමිත බැවින් එදින මධ්‍යහන 12 දක්වා එම කලාපය ද දේශීය සංචාරකයින් සඳහා විවෘත වන්නේ නැහැ.
Share This Article