නොමිලේ අධ්‍යාපනය ලැබූ අපි - අපේ රට හදන වර්ෂයක්
Friday, 01 January 2021 - 16:23 | Views - 401
සෞඛ්‍ය අමාත්‍යාංශය 2021 වසර සදහා අද පෙරවරුවේ රාජකාරී ආරම්භ කෙරුණේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන්.
ඒ සඳහා රාජ්‍ය අමාත්‍ය මහචාර්ය චන්න ජයසුමන මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියා.
මේ අතර, වරාය සහ නාවික කටයුතු අමාත්‍යාංශයේ රාජකාරී ආරම්භ කෙරුණේ විෂය භාර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.
උදාවූ නව වසරේ රාජ්‍ය ආයතන කිහිපයක සහ ශ්‍රී ලංකා යුධ හමුදා මූලස්ථානයේ රාජකාරී කටයුතු සුභ මොහොතින් ආරම්භ කෙරුණා.
එහිදී සියලු රාජ්‍ය නිලධාරීන් විසින් රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව ලබාදීම ද සිදුකළා.
Share This Article