දිවයිනේ ප්‍රදේශ කිහිපයකට පස්වරු කාලයේ වැසි සහිත කාලගුණයක්
Friday, 01 January 2021 - 15:21 | Views - 352
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේත් වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ උතුර, නැගෙනහිර, උතුරුමැද සහ ඌව පළාත්වලටත් හම්බන්තොට, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලටත් මෙලෙස වැසි ඇතිවිය හැකි බවයි.
එමෙන්ම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට අද පස්වරුවේ මිලිමීටර් 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.
Share This Article