කාත්තන්කුඩි පොලිස් වසම සහ කල්මුණේ ග්‍රාම සේවා වසම් 11ක් හුදකලා කෙරේ
Friday, 01 January 2021 - 14:49 | Views - 349
වහාම ක්‍රියාත්මක වන පරිදි කාත්තන්කුඩි පොලිස් වසම සහ කල්මුණේ ග්‍රාම සේවා වසම් 11 ක් හුදකලා කර ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.
කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් මෙම ප්‍රදේශ මෙලෙස හුදකලා කර තිබෙනවා.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් නාලක කළුවැවගේ අත්සනින් යුතුව එවන ලද එම නිවේදනයේ සඳහන් වන්නේ කල්මුණේ එක, එක සී, එක ඊ, දෙක, දෙක ඒ, දෙක බී, තුන, සහ තුන ඒ යන ග්‍රාම සේවා වසම් මෙන්ම, කල්මුණේ කුඩි 1,2,3 යන ග්‍රාම සේවා වසම් ලෙස හුදකලා කර ඇති බවයි.
ඊයේ (31) දිනයේ දිවයිනෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 597 දෙනෙකු අතුරින් 63 දෙනෙකු හඳුනා ගැණුනේ මඩකලපුව දිස්ත්‍රික්කයෙන්.
Share This Article