කොරෝනා පාලන කටයුතු සඳහා යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 25ක්
Friday, 01 January 2021 - 14:32 | Views - 348
කොරෝනා පාලන කටයුතු සම්බන්ධීකරණ කටයුතු සඳහා අද (01) සිට බලපැවැත්වෙන පරිදි යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් 25 දෙනෙකු දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරින් ලෙස පත් කර තිබෙනවා.
යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් අදාළ පත් කිරීම සිදුකර ඇති බවයි යුද හමුදා මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ.
ඒ අනුව, අදාළ සම්බන්ධීකරණ නිලධාරින් ඒ ඒ පළාත්වල ක්‍රියාත්මක වන නිරෝධායන මධ්‍යස්ථාන පිළිබඳ මෙන්ම, අදාළ මධ්‍යස්ථාන සඳහා පුද්ගලයන් ප්‍රවාහනය, ඖෂධ හා අනෙකුත් අත්‍යාවශ්‍ය සේවා සැපයුම් පිළිබඳව සොයා බලනු ඇති බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.
Share This Article