ධම්මික පැණිය භාවිතයට අනුමත කර නැහැ - ආචාර ධර්ම කමිටුව කියයි
Friday, 01 January 2021 - 13:16 | Views - 664

කෑගල්ලේ ධම්මික බණ්ඩාර නිෂ්පාදනය කළ දේශීය ඖෂධයට ආචාර ධර්ම කමිටුව අනුමැතිය ලබාදී ඇත්තේ එය සායනික පරීක්ෂාවක් කිරීමට මිස, සායනිකව භාවිත කිරීමට නොවන බව රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය හා සමාන්තර විද්‍යා පීඨයේ පීඨාධිපති විශේෂඥ වෛද්‍ය සේනක පිලපිටිය ප්‍රකාශ කළා.
ඒ, ඊට අදාළව විශේෂ නිවේදනයක් නිකුත් කරමින්.
අදාළ ඖෂධය සායනික පරීක්ෂාවක් සිදුකිරීම සඳහා යොදා ගැනීමට අවසර ලබාදුන්නේ සංශෝධන ගණනාවක් සහ කොන්දේසි කිහිපයකට යටත්ව බවද එහි දැක්වෙනවා.
එම ඖෂධය පරීක්ෂා කිරීමට උතුරු මැද පළාතේ රෝහල් දෙකක් තෝරාගත් බැවින්, පළාතේ පිහිටි එකම වෛද්‍ය පර්යේෂණ ආචාර ධර්ම කමිටුව වන රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්ධර්ම සමාලෝචන කමිටුවට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඊට අදාළව පත්කළ විශේෂඥ කමිටුව මෙම ඖෂධය ඉදිරිපත් කළා.
ඒ අනුව අදාළ පරීක්ෂණය කමිටුව විසින් සිදුකළ පරීක්ෂණයක් බවත්, එය රජරට විශ්වවිද්‍යාලයේ පර්යේෂණයක් නොවන බවත්, පීඨාධිපති සේනක පිලපිටිය අවධාරණය කරනවා.
යළිත් වැඩිම කොරෝනා ආසාදිතයින් කොළඹින් - මඩකලපුවේ අවදානමත් ඉහළට
මෙරටින් ඊයේ හඳුනා ගැණුනු කොරෝනා ආසාදිතයින් 597 දෙනා අතරින් වැඩිම සංඛ්‍යාව වූ 256 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.
කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ නාරාහේන්පිට ප්‍රදේශයෙන් ආසාදිතයින් 79 දෙනෙකු වාර්තා වී ඇති බවයි. එසේම, ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයින් අතරින් 63 දෙනෙකුද මඩකලපුව දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබීම විශේෂත්වයක්.
මේ වනවිට මෙරට මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 43,299 ලෙසයි.
ඊයේ වාර්තා වූ ආසාදිතයින් අතර විදේශයන් හි සිට පැමිණි පුද්ගලයින් පස් දෙනෙකුද වන අතර, අනෙක් පිරිස දේශීයව හඳුනාගත් ආසාදිතයින් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඒ අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස්, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ සහ බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා පොකුරෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 39,571ක්.
මේ අතර, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ විවිධ ප්‍රදේශවල අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ මේ වනවිට ක්‍රියාත්මක වන බවයි.
ගල්ලෑල්ල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් ඊයේ පළාගිය මෙතෙක් සොයා නොගත් ආසාදිත බන්ධගාගාර රැඳවියන් සිව්දෙනා අත්අඩංගුවට ගැනීමට තවදුරටත් ජනතා සහය අපේක්ෂා කරන බවයි ඔහු කියා සිටියේ.
Share This Article