නව අවුරුදු උදාවේ දිල්ලියේ වසර 15කින් අවම උෂ්ණත්වය වාර්තා වෙයි
Friday, 01 January 2021 - 12:17 | Views - 348
ඉන්දියාවේ නව දිල්ලි අගනුවර නව අවුරුදු උදාවේ අධික ශීත කාලගුණයක් වාර්තා වී ඇති අතර, එහි උෂ්ණත්වය සෙල්සියස් අංශ 1.1 දක්වා පහත වැටී තිබෙනවා.
එය වසර 15 කින් දිල්ලි නුවර නව අවුරුදු උදාවේ වාර්තා වූ අවම උෂ්ණත්වයයි.
පසුගිය වසරේ නව අවුරුදු උදාවේ දිල්ලි නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 2.4 ක් වූ අතර, 2006 වසරේ ජනවාරි 8 වනදා සෙල්සියස් දශම 2 ක අවම උෂ්ණත්වයක් දිල්ලි නුවරින් වාර්තා වුණා.
අධික ශීතලත් සමඟ දිල්ලියේ ඝණ මීදුම් දුමාරයකින් වැසී තිබුණු අතර, එහි දෘෂ්ඨිය මීටර් 50 කට සීමා වූ බව ඉන්දීය කාලගුණ අංශ ප්රකාශ කළා.
Share This Article