ත්‍රිරෝද රථයක ගැටුණු පාසල් සිසුවියක් රෝහලේ
Friday, 01 January 2021 - 11:52 | Views - 443
අධික වේගයෙන් ධාවනය වූ ත්‍රිරෝද රථයක ගැටීමෙන් 16හැවිරිදි දැරියක් අනතුරට ලක්වන අයුරු CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුනා.

අදාළ අනතුර සිදුව ඇත්තේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ කොටගල දමිල මහා විද්‍යාලය ඉදිරිපිට සුදුඉර මතදීයි.

අනතුරට ලක්ව ඇත්තේ හැටන් කොටගල ස්ටොනික්ලිප් වතුයායේ දමිල මහා විද්‍යාලයේ 10 වන වසරේ අධයාපනය ලබමින් සිටි 16 හැවිරිදි
සිසුවියක් බවටයි වාර්තා වන්නේ.

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ දැරිය දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති අතර, අනතුර සිදුකළ ත්‍රිරෝද රථයේ රියදුරා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර රියදුරු අද නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර දිඹුල පොලිසියයි අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.

අනතුර සිදුවූ අයුරු දැක්වෙන CCTV දර්ශන පහතින්.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top