ත්‍රිරෝද රථයක ගැටුණු පාසල් සිසුවියක් රෝහලේ
Friday, 01 January 2021 - 11:52 | Views - 444
අධික වේගයෙන් ධාවනය වූ ත්‍රිරෝද රථයක ගැටීමෙන් 16හැවිරිදි දැරියක් අනතුරට ලක්වන අයුරු CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුනා.
අදාළ අනතුර සිදුව ඇත්තේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ කොටගල දමිල මහා විද්‍යාලය ඉදිරිපිට සුදුඉර මතදීයි.
අනතුරට ලක්ව ඇත්තේ හැටන් කොටගල ස්ටොනික්ලිප් වතුයායේ දමිල මහා විද්‍යාලයේ 10 වන වසරේ අධයාපනය ලබමින් සිටි 16 හැවිරිදි
සිසුවියක් බවටයි වාර්තා වන්නේ.
අනතුරෙන් බරපතළ තුවාල ලැබූ දැරිය දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති අතර, අනතුර සිදුකළ ත්‍රිරෝද රථයේ රියදුරා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාර රියදුරු අද නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර දිඹුල පොලිසියයි අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.
අනතුර සිදුවූ අයුරු දැක්වෙන CCTV දර්ශන පහතින්.
Share This Article