විදේශයන්හි සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 397ක් දිවයිනට
Friday, 01 January 2021 - 11:22 | Views - 617
කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් විදේශයන්හි සිරවි සිටි ශ්‍රි ලංකිකයන් 397 දෙනෙකු කටුනායක ගුවන් තොටුපල හරහා දිවයිනට පැමිණ තිබෙනවා.
අද පෙරවරු 8.30 අවසන් වු ගෙවුණු පැය 24 තුළ ගුවන් ගමන් 06 ක් මගින් මෙම පිරිස දිවයිනට පැමිණි බවයි ගුවන්තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ.
එලෙස පැමිණි පිරිස අතර චෙන්නායි සිට 283 දනෙකු, ඩුබායි සිට 48 දෙනෙකු සහ කටාර් සිට 27 දෙනෙකු මෙන්ම ඉතාලියේ සිට 28 දෙනෙකු පැමිණ තිබෙනවා.
එමෙන්ම, තවත් ශ්‍රී ලාංකිකයින් 251 දෙනෙකු ඊයේ දිනයේ රැකියා සඳහා ඩුබායි සඳහා පිටත්ව ගොස් ඇති බව ද සඳහන්.
Share This Article