ඊයේ දිනයේත් වැඩිම ආසාදිතයින් කොළඹින්
Friday, 01 January 2021 - 11:00 | Views - 338
මෙරටින් ඊයේ හඳුනා ගැණුනු කොරෝනා ආසාදිතයින් 597 දෙනා අතරින් වැඩිම සංඛ්‍යාව වූ 256 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.
කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ නාරාහේන්පිට ප්‍රදේශයෙන් ආසාදිතයින් 79 දෙනෙකු වාර්තා වී ඇති බවයි.
එසේම, ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයින් අතරින් 63 දෙනෙකු මඩකලපුව දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබීම ද විශේෂත්වයක්.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 62 දෙනෙකු හඳුනාගෙන තිබුණා.
Share This Article