ගාල්ල මුහුදේදී මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් යාත්‍රාවෙන් පලාගිය සැකකරුවෙකු සොයා මෙහෙයුම්
Friday, 01 January 2021 - 9:40 | Views - 294
ගාල්ල ධීවර වරාය ආසන්නයේ පිහිටි ජාකොටුව වැල්ලේදී මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් යාත්‍රාවෙන් පැන ගිය පුද්ගලයා සොයා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව නාවික හමුදාව පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඔහුගේ අනන්‍යතාවය මේ වනවිට තහවුරු කරගෙන ඇති බවයි. අදාළ යාත්‍රාව දික්ඕවිට වරායේ සිට පැමිණ ඇති බවට ද මේ වනවිට තොරතුරු අනාවරණ වනවා.

යාත්‍රාවේ තිබී ඊයේ රුපියල් කෝටි 7 කට අධික අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සොයා ගෙන තිබුණා.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා ප්‍රකාශ කළේ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 5 යි ග්‍රෑම් 945 ක් සහ හෙරොයින් කිලෝ 1 යි ග්‍රෑම් 992 ක් සොයා ගෙන ඇති බවයි.

ඊයේ පස්වරුවේ එම යාත්‍රාව පරීක්ෂා කිරීම සඳහා නාවික හමුදාවේ සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ විශේෂ කණ්ඩායමක් එහි ගොස් තිබුණා.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා හිරු ප්‍රවෘත්ති අංශයට වැඩිදුරටත් කියා සිටියේ යාත්‍රාවේ පස්දෙනෙකු සිට ඇති අතර, වැටලීම සිදුකරන අවස්ථාවේදී එක් අයෙකු මෙලෙස පලාගිය බවයි බවයි.

අත්අඩංගුවට ගත් 4 දෙනාගෙන් දෙදෙනෙකු මාතර ප්‍රදේශයේ පදිංචිකරුවන්.

අනෙක් දෙදෙනා පානම සහ මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top