අභිනව 2021 වර්ෂය වෙනුවෙන් හිරු මාධ්‍යජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මහතාගේ සුභ පැතුම් පණිවුඩය
Friday, 01 January 2021 - 9:30 | Views - 242
අභිනව 2021 වර්ෂය වෙනුවෙන් හිරු මාධ්‍ය ජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මහතාගේ සුභ පැතුම් පණිවුඩය...

ගෙවී ගිය වර්ෂය පුරා ම අප හා හෘදයාංගම සහයෝගයෙන් කටයුතු කරමින්, හිරු එෆ්.එම්. නාලිකාවත් හිරු ටී.වී. ඇතුළු සමස්ත මාධ්‍ය ජාලයත් බහුතර ශ්‍රාවක ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් හිමි අංක එකේ නාලිකාවන් බවට පත් කරන්නට නිබඳව ම ධෛර්යයක් වූ සමස්ත ශ්‍රී ලාංකීය ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබටත්, හිතවත් අනුග්‍රාහක භවතුන්ටත්, මාගේ හෘදයාංගම ස්තුතිය පළ කර සිටිමි.

රූපවාහිනී, ගුවන් විදුලි, සහ ඩිජිටල් මාධ්‍ය ත්‍රිත්වය පුරා අණසක පතුරවමින් ශ්‍රී ලංකාවේ දැවැන්ත ම මාධ්‍ය ජාලය ලෙස අප ලැබූ සාර්ථකත්වයේ සැබෑ ශක්තිය ඔබ බව අපි නිහතමානීව සිහිපත් කරමු.

එළැඹුණ නව වසර, කොවිඩ් -19 ගෝලීය වසංගතයේ අඳුරු වළාවෙන් මිදෙන යහපත් වසරක් වනු ඇති බවට ධනාත්මක පෙරනිමිති දක්නට ඇති මේ මොහොතේ, අපගේ ආදරණීය ප්‍රේක්ෂක, ශ්‍රාවක ඔබගේ ජීවිත අභිවෘද්ධිය උදෙසා නිබඳවම මහත් ශක්තියක් වෙමින් ඔබ සමඟ, ඔබ වෙනුවෙන් රැඳෙන බවට සිහිපත් කරමි.

ලැබුවාවූ නව වසර පුරාවටත් අප නාළිකාවන් ඔස්සේ හඳුන්වා දෙන නවමු අත්දැකීම් විඳ ගනිමින් සුපුරුදු දයාබරත්වයෙන් අප හා රැඳෙන්නට ඔබට ගෞරවයෙන් ආරාධනා කරමි.

ලැබුවා වූ 2021 නව වසර ඔබගේ සියළු පැතුම් ඉටු වන සතුට සෞභාග්‍යය පිරි නිරෝගිමත් සුභ නව වසරක් වේවායි හිරු මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂ මණ්ඩලය, කළමණාකාරීත්වය වෙනුවෙන් මම හදවතින් ම ප්‍රාර්ථනා කරමි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top