බීමත්ව රිය පැදවූ 173 දෙනෙකු අත්අඩංගුවට
Friday, 01 January 2021 - 9:16 | Views - 401
අද පෙරවරු හයෙන් අවසන් වූ ගතවූ පැය 24 තුළ බීමත්ව අපරීක්ෂාකාරී ලෙස රිය පැදවීම සම්බන්ධයෙන් පුද්ගලයින් 173 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව පසුගිය 20 වැනිදා සිට මේ දක්වා රථවාහන වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 1,571 ක්.
එම කාලසීමාව තුළ සිදුවූ අනතුරුවලින් පුද්ගලයින් 53 දෙනෙකු මියගොස් ඇති අතර, 136 දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගතකර ඇති බවයි පොලිසිය පැවසුවේ.
Share This Article