ඇමරිකානු රූපවාහිනී නිලි Dawn Wells කොරෝනා ආසාදනය වී මිය යයි
Friday, 01 January 2021 - 8:43 | Views - 355
ප්‍රකට ඇමරිකානු රූපවාහිනි නිලියක් වූ Dawn Wells කොරෝනා ආසාදනය වී මිය ගොස් තිබෙනවා.
මියයන විට ඇය 82 හැවිරිදි වියේ පසු වූවා. ගිලිගන් අයිලන්ඞ් නැමැති රූපවාහිනි චිත්‍රපට මාලාවේ මේරි ඇන්ගේ චරිතය මැවූ ඇයට සතියකට ලැබී ඇත්තේ ඩොලර් 750 ක් වැනි සුළු මුදලක් . එහෙත් එම රූපවාහිනි චිත්‍රපට මාලාවේ නිෂ්පාදක ෂර්මුට් ඉන් ඩොලර් මිලියන 90 ක ලාභයක් ලබා තිබෙනවා. 1938 දී උපන් වෙල්ස් චිත්‍රපට රැසක රඟපා තිබෙනවා.
Share This Article