ඔලිම්පික් උළෙලේ වාර්තා දෙකකට සැරසෙන උගන්ඩානුවා කියයි
Thursday, 31 December 2020 - 15:21 | Views - 409
ලබන වසරේ ජපානයේ ටෝකියෝ නුවරදී ආරම්භ වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී මීටර් 5000 සහ 10000 රන් පදක්කම් දෙකම දිනාගෙන ලොව අට වැනි ක්‍රීඩකයා බවට පත්වීමට උත්සාහ කරන බව 24 හැවිරිදි උගන්ඩා මැරතන් ක්‍රීඩක ජොෂුවා චෙප්ටෙගෙයි විදෙස් මාධ්‍ය සඳහා පවසා තිබෙනවා.
ඔහු ඉකුත් 2019 වසරේ දෝහාකටාර් හී පැවැති තරගාවලියේදී මීටර් 5000 ඉසව්වේ ලෝක වාර්තාවක් පිහිටුවීමටද සමත්විය ‘‘එය කන්දක් නැගීමක්. නමුත් මට තියෙන අභියෝග මා සතුයි. ධාවනය සහ මානසිකත්වය අනූව බොහෝ කළ හැකියි’’ යනුවෙන් ජොෂාවු සඳහන් කරයි.
ඔලිම්පික් ඉතිහාසයේදී මීට පෙර මීටර් 5000 සහ 10000 රන් පදක්කම් එකම තරගාවලියකදී දිනා ඇත්තේ ක්‍රීඩකයන් හත් දෙනකු පමණයි. අවසන් වරට 2012 සහ 2016 ඔලිම්පික් උළෙලේදී මෙම අංශයේ රන් පදක්කම් දෙකම දිනා ගැනීමට මෝෆාරා සමත්ව තිබෙනවා.
‘‘ද්විත්ව ශූරතා දිනා ගැනීම ඇත්තටම පුදුම සහගත දෙයක්. මම මේ දිනවල උත්සාහ කරන්නේ පුහුණුවීම් වලට පමණයි. සංචාරයන් ගැන හිතන්නේ නැහැ.’’ යැයි ඔලිම්පික් ඉලක්කය වෙනුවෙන් වැඩ අල්ලමින් සිටින ජොෂුවා වැඩිදුරටත් පවසයි.
Share This Article