දශකයකට වඩා වැඩි කාලයක් රංගන ශිල්පිනියක් ලෙස අප දුටු අශිකා මතසිංහ මෑත කාලයේදී ජනප්‍රිය ටෙලි නිර්මාණ කිහිපයකින්ම ප්‍රේක්ෂක ඔබට දකින්නට ලැබුණි.
නව වසරේ අලුත් වැඩ කිහිපයකටම මුල පුරන්න සැළසුම් කරමින් සිටින අශිකාගෙන්ද අපි නව වසරේ අලුත් බලාපොරොත්තු ගැන විමසුවා..
ඇත්තටම මම ගොඩක් ආසාවෙන් හිටියේ ගුරුවරියක් වෙන්න.
විශේෂයෙන්ම පොඩි දරුවන්ට. ඒක කාලයක ඉඳලා මගේ තිබුණ ලොකුම හීනයක්.
මම පෙර පාසල් ගුරු වෘත්තිය පිළිබඳව මම හදාරලත් තියෙනවා.
ඉතින් උදාවෙන 2021 වසරේදි ඒ ගැන මම වැඩිපුර අවධානයක් යොමු කරන්න හිතාගෙන ඉන්නවා.
ඊට අමතරව උත්සව සාද සංවිධානය කරන ව්‍යාපාරයක් කරන්නත් මගේ අදහසක් තියෙනවා.
ඔය අතරේ කලා කටයුතුවලටත් සුපුරුදු පරිදි 2021 වසරේදී එකතු වෙන්න තමයි හිතාගෙන ඉන්නේ.
සාරවිට


