කොළඹ හැඩකරමින් බේරේ සැරසෙයි
Thursday, 31 December 2020 - 14:04 | Views - 568
යහපාලන රජය සමයේ අවාසනාවන්ත ලෙස නතර වූ නාගරික සංවර්ධන වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයාමේ පසුතලය දැන් සකස් වී ඇතැයි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.
බේරේවැව ආශ්රිත සංවර්ධන ව්‍යාපෘතියක් ජනතා අයිතියට පත් කිරීම වෙනුවෙන් පැවති උත්සවය අමතමින් අමාත්‍යවරයා මේබව සඳහන් කළා.
නාගරික සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කළ බේරේවැව ආශ්රිත මෙම සංවර්ධන ව්‍යාපෘතිය සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 60ක්.
මෙම වසරේ ජුනි මසදී වැඩ ආරම්භ කළ ව්‍යාපෘතිය මාස 5ක් තුළ සම්පූර්ණයෙන් අවසන් කෙරුණා.
මෙම සංවර්ධන ව්‍යාපෘතිය ව්‍යායාම මංතීරුවක්, රථ ගාලක් සහ වෙළෙඳසැල් 60කින් සමන්විතයි.
Share This Article