රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලින් තවත් කොරෝනා ආසාදිතයින් 16 දෙනෙකු හඳුනා ගැනේ
Thursday, 31 December 2020 - 11:19 | Views - 292
බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන 11 කදී සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලදී තවත් පුද්ගලයින් 16 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වුණා.
ඊයේ දිනය තුළ පුද්ගලයින් 195 දෙනෙකුට මෙලෙස රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදුකර ඇති අතර ඒ අතරින් පිරිසකුයි මෙලෙස කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වී ඇත්තේ.
ඒ අනුව පසුගිය 18 වනදා සිට මේ දක්වා සිදුකළ රැපිඩ් ඇන්ඩිජන් පරීක්ෂණ 11,926 කදී කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 90 ක්.
ජනවාරි 5 වනදා දක්වා මෙලෙස කොළඹින් පිටවන සහ ඇතුළු වන පුද්ගලයින්ට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවන් සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ.
Share This Article