සමාජ මාධ්‍ය ගිණුම් භාවිත කරන ජනතාවට පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්
Thursday, 31 December 2020 - 10:31 | Views - 1,154
අද දිනයේ සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ හා දුරකථන ඔස්සේ ලැබෙන ව්‍යාජ පණිවුඩ වලින් ප්‍රවේසම් වන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.
බොහෝදුරට ශ්‍රී ලංකාවේ සිටින නයිජීරියානු ජාතිකයින් විසින් මෙම ජාවාරම අද දිනයේද ක්‍රියාවට නැංවීමේ වැඩි ඉඩක් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ.
මෙවැනි වංචාකාරී ක්‍රියා සඳහා සම්බන්ධ වූ නයිජීරියානු ජාතිකයින් 24 දෙනෙකු පමණ මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.
Share This Article