නිවසකට අනවසරයෙන් ඇතුල් වී දේපල හානි සිදුකළ නාගරික මන්ත්රීවරයා අත්අඩංගුවට
Thursday, 31 December 2020 - 10:23 | Views - 315
දඹුල්ල, ඉබ්බන්කටුව ප්රදේශයේ නිවසකට අනවසරයෙන් ඇතුළු වී එම නිවසේ දේපළවලට අලාභහානි සිදු කළේ යැයි චෝදනා මත දඹුල්ල මහ නගර සභාවේ නාගරික මන්ත්රීවරයෙකු ඊයේ (30 ) රාත්රියේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ මන්ත්රීවරයා විසින් එම නිවසට රුපියල් ලක්ෂ තුනහමාරකට අධික අලාභහානි සිදුකර ඇති බවයි විමර්ශන වලදී අනාවරණ වී ඇත්තේ.
පෞද්ගලික ආරවුලක් දුරදිග යාම මෙලෙස නිවසට අලාභහානි කිරීමට හේතුවී ඇති බවටයි තොරතුරු වාර්තාවන්නේ.
නිවසට ඇතුළු වූ මන්ත්රීවරයා එහි තිබූ ආරක්ෂිත කැමරා පද්ධති කඩා දමා රථ වාහනවලට පහර දී අලාභ හානි සිදු කරමින් සිටියදී නිවාස හිමියා පොලිසියට කල දැනුම් දීමක් අනුවයි පොලිසිය පැමිණ ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සැකකාර නාගරික මන්ත්රීවරයා අද (31) දඹුල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර දඹුල්ල පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.
අදාළ සිද්ධියට අදාළ CCTV දර්ශන පහතින්.
Share This Article