'මට දරුවන් 05 දෙනෙක් සිටිනවා'- දෙපා අහිමි වූවත් ලෝකෙටම ආදර්ශයක් වූ කෝඳාගොඩ සරත්
Thursday, 31 December 2020 - 9:30 | Views - 663
දෙපා අහිමි වූවත් දෙපා ඇති මිනිසුන්ට ආදර්ශයක් වෙමින් තම ජීවිකාව පවත්වාගෙන යන සුවිශේෂී පුද්ගලයෙකු පිළිබඳව ගාල්ලෙන් වර්තාවනවා.

සරත් මාපලගම නම් ඔහු මේ වනවිට 64 හැවිරිදි වියේ පසුවන අතර ඔහු ගාල්ල උමදූව කෝඳාගොඩ ගම්මානයේ වාසය කරන අතර ඔහු වඩු කාර්මිකයෙක්.

ඔහුට උපතින්ම දෙපා උරුම වූ අතර 1992 වර්ෂයේදී සිදුවූ අවාසනාවන්ත අනතුරකින් දෙපා අහිමිව ගියද ඔහුගේ දිරිය ඉන් බිඳක් හෝ අඩු නොවීම පුදුමයක්.

සුපුරුදු ජීවනෝපාය වූ වඩු කර්මාන්තයේද අඛණ්ඩව නියැලෙන මේ දිරිය මිනිසා නළ ලිං සැකසීමද සිදුකරන්නේ සියල්ලන් පුදුමයට පත්කරමින්.

කම්මල් කර්මාන්තයේ විවිධ දේ සකස් කරන ඔහු කැත්ත උදැල්ලේ සිට කම්මල් උපකරණ ද නිපැයුමට දක්ෂයෙක් වනවා.

වඩු කර්මාන්තයද,ගල් කැටයම්,ලී කැටයම් කලාවට ද දක්ෂතාවයක් ඇති සරත් මාපලගම මහතා දෙපා නැතිව ගස් නගින්නටද දක්ෂයෙක් වීම විශේෂත්වයක්.

ඔහු ගමේ නගරයේ යන එන සියලුම ගමන් බිමන් රස්සාවට යන්නේ එන්නේ විශේෂයෙන් සකස්කරන ලද තම යතුරු පැදිය උපයෝගි කරගෙනයි.

තම ජීවිත කතාව සරත් මාපලගම මහතා සිය වචනයෙන් විස්තර කළේ මෙලෙසින්.

මම විවාකයි. මට දරුවන් 05 දෙනෙක් සිටිනවා. දූ දරුවෝ පස් දෙනාම විවාහ වෙලා ඔවුන්ට ද  දූ දරුවන් ඉන්නවා. මම මගේ දක්ෂතාවයන් ප්‍රයෝජනයට ගෙන මේ රස්සාවල් සිදු කරනවා.

මට පාද අහිමි වෙලා වසර 38ක් පමණ වෙනවා. මම නළ ලිං දස දහසකට (10,000) ආසන්න ප්‍රමාණයක් සකස් කර දී තියනවා. අද මම නළ ලිං අඩියක් සකස් කරන්නට රුපියල් දහසක් පමණ ගන්නවා. කපන ලද අඩි සියයක් (100) එක්සිය පනහක් (150) ක් හෝ (අඩි දෙසියක්) 200ක් පමණ ගැඹුරු ළිඳක හෝ වළක හෝ සිට ගැඹුරු ස්ථානයකට ගමන් කර පොළව තුළ ඇති පිරිසිදු ජලය මා ගන්නවා. ජලයේ මඩකඩ ඉවත් කරන්ටත් හැකියි. පිරිසිදු ජලය ගත හැකියි. වකුගඩු රෝගිය පැතිරෙන ප්‍රදේශවලත් මේ ආකාරයට පිරිසිදු පානීය නිෂ්පානය කළ හැකියි.

වළ මත ඉහළ සවිකරන ලද අටිටාලයක සිට කප්පියක ආධාරයෙන් පුටුවක් ආධාරයෙන් කපන ලඳ වළකට ළිදකට බහිනවා. පිරිසිදු ජලය භූ ගතව තිබෙන ස්ථානය සොයා ගෙන ජලය ගන්න වැය වන්නේ කෙටි කාලයක් පමණයි.

මෙයට අමතරව,මතුපිට පොළවේ සිට ද පොළව ඇතුලතට ගැඹුරටම නළ ලිං සකස් කරන්නටත් මට හැකියාවක් තියනවා. කිසිදු යන්තරයක් හෝ මන්තරයක් හෝ කිසිදු උපක්‍රමයක් නොමැතිව මා ප්‍රගුණ කළ යම් වු මාගේම තාක්ෂණයක් මත මේ ආකාරයට පොළව යට භූ ගත ජලය මතු පිටට ගන්නට මට හැකියාවක් තියනවා. එය මා දැනගත් ඉතා වටිනා මු රහසක් අනුවයි මා මෙය සිදු කරන්නේ.

මෙයට අමතරව,හිස් බැරල් යොදාගෙන විවිධ නිපැයුම් සිදුකරන අතර ඒ යටතේ විල් බැරෝ තට්ටු සකස් කිරිමට ඇති හැකියාවක් මා සතුයි. මේවා මා විවිධ ප්‍රමාණයෙන් හැඩයෙන් හා විවිධාකාරයෙන් නිපැයුම් සිදු කරනවා. මේ සාත්තරය සිදුකරන ලංකාවේ කිහිපදෙනෙක් තමයි දැනට සිටින්නේ මෙය මා සකස් කරනවා. හදන තරමට ගොඩනැගිලි ද්‍රව්‍ය විකුණන වෙළෙදසැල්වලට මේ නිෂ්පාදනය ලබාදෙනවා.

දුම් කබල් සකස් කරන අතර ඒ එක දුම් කබලක් රුපියල් 100 ක් තරම් වු මුදලකට උණු කැවුම් වාගේ අළෙවි වෙනවා. මගේ ගෙදරට ඇවිත් මේ නිෂ්පාදන ගන්නවා වාගේම මම වෙළෙද පොළටද රැගෙන ගොස් මේ නිෂ්පාදන විකුණනවා.

මම බිම තමයි වැඩිපුරම ඉන්නේ. ගමන් බිමන් යන්න විතරයි යතුරු පැදිය ගන්නේ. රස්සාවට යන්න එන්න ද යතුරු පැදිය භාවිතා කරනවා. මට කරන්න බැරි වැඩක් නෑ. ඕනෑම වැඩක් මම කරනවා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top