නිවසක් තුළ පිළිස්සී මියගිය සැමියාගේ මරණය සම්බන්ධයෙන් බිරිඳ අත්අඩංගුවට
Thursday, 31 December 2020 - 9:17 | Views - 218
ඒකල නිවාසිපුර නිවසක් තුළ පිළිස්සීම ලක්ව හා බෙල්ලේ කැපුම් තුවාල සහිතව මියගොස් සිටි පුද්ගලයාගේ බිරිඳ සැකපිට ප‍්‍රශ්න කිරීම සඳහා 29 දා පොලිස් භාරයට ගෙන ඇති බව ජාඇළ පොලිසිය පවසයි.
ඉකුත් 26 දා උදෑසන ඒකල නිවාසිපුර අංක එස්. 54 නිවසේ කාමරයක් තුළ ඇඳක් මත එරංග ශ‍්‍රීනාත් කුරේරා (37) නමැති පුද්ගලයා පිළිස්සුම් හා බෙල්ලේ කැපුම් තුවාල සහිතව මියගොස් තිබිණි.
පසුව එම ස්ථානය නීරීක්ෂණය කළ රාගම රෝහලේ හදිසි මරණ පරීක්ෂක ප‍්‍රියංකර ලාල් මහතා අදාළ මළ සිරුර පිළිබඳව ඉදිරි කටයුතු කිරීමට මහෙස්ත‍්‍රාත්වරයා වෙත යොමු කර තිබිණි.
මේ අනුව ජා-ඇළ පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් පරීක්ෂණ පවත්වා මියගිය අයගේ බිරිඳ ප‍්‍රශ්න කිරීම සඳහා පොලිස් භාරයට ගෙන තිබේ.
Share This Article