ශී‍්‍ර ලංකාවේ වයස්ගතම කාන්තාව වේලූ පාප්පානි මියයයි
Thursday, 31 December 2020 - 9:01 | Views - 334
ආසියාවේ දෙවැනි වයස්ගතම කාන්තාව වන කළුතර දිස්ත‍්‍රික්කයේ නෑබඩ, ක්ලෝඩන් වත්තේ හෙදරලිය කොටසේ විසූ වේලූ පාප්පානි මාතාව අවුරුදු 117ක් ආයුවිඳ පසුගිය 29 වැනිදා රාත‍්‍රියේ මිය ගියාය.

සිංහල පියකුට සහ දමිළ මවකට දාව 1903 මැයි මස 03 වැනිදා කඩුගන්නාව ප‍්‍රදේශයේ උපන් වේලූ පාප්පානි පසුව කඩුගන්නාවේ සිට බුලත්සිංහල ගීකියනකන්ද වත්තට පැමිණ ඇත්තේ සුදු වතු අධිකාරිවරයකුගේ බංගලාවේ සේවය සඳහාය.

පසුව ඇය සිංහල ජාතිකයකු සමග විවාහ ගිවිස ගත් අතර දෙදරු මවක වූවාය.

දරු දෙදෙනා විවාහ වී වෙන්ව ගිය පසු ඇය නෑබඩ ක්ලෝඩන් වත්තේ අබලන් නිවසක දමිළ කම්කරු යුවලකගේ රැකවරණය යටතේ ජීවත් වූවාය.

කළුතර දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති කළුතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සංජීව එදිරිමාන්න තමාගේ පළමු මන්ත‍්‍රී වැටුප සහ පෞද්ගලික ධන පරිත්‍යාග යොදවා වේලූ පප්පානි මාතාවට නිවසක් තනා නොබෝදා භාර දෙන ලදී.

වේලූ පාප්පානි මාතාව දින කිහිපයක් අසනීපව සිට 29 වැනිදා රාත‍්‍රියේ නාගොඩ මහ රෝහලේ දී සිය දිවි සැරිය නිමා කළේ ශ‍්‍රී ලංකාවේ වයස්ගතම කාන්තාව සහ ආසියාවේ දෙවන වයස්ගතම කාන්තාව යන වාර්තා ද්විත්වයටම උරුමකම් කියමිනි.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top