මහව නගරයේදී පොලිස් සැරයන්වරයෙකුට පිහි ප්‍රහාරයක්
Thursday, 31 December 2020 - 8:55 | Views - 425
මහව නගරයේදී රාජකාරියේ නිරතව සිටි පොලිස් සැරයන්වරයෙකුට තියුණු ආයුධයකින් පහරදුන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නගරයේ සැක කටයුතු ලෙස හැසිරුණු පුද්ගලයින් සිව් දෙනෙකුගෙන් ප්‍රශ්න කිරීමට යාමේදී ඉන් එක් අයෙකු මෙලෙස පොලිස් සැරයන්වරයාට තියුණු ආයුධයකින් පහරදී බරපතල තුවාල සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ.
Share This Article