තවත් කොවිඩ් මරණ 4ක් - මෙරට සමස්ථ කොරෝනා මරණ ගණන 199යි
Wednesday, 30 December 2020 - 23:02 | Views - 332
ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිත මරණ 4ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ත මරණ සංඛ්‍යාව 199ක්.
 
මියගොස් ඇත්තේ පිරිමි පුද්ගලයන් 3 දෙනෙක් සහ කාන්තාවක්.
 
මරණයට පත්වූ එක් පුද්ගලයෙක් මඩකලපුව ප්‍රදේශයේ පදිංචි 72ක අයෙක්.
 
ඔහු මඩකලපුව ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර අද (30) මියගොස් තිබෙනවා.
 
මරණයට හේතුව ලෙසට දැක්වෙන්නේ කොවිඩ් නිව්මෝනියාව සහ මෙනින්ජයිටිස් රෝගී තත්වයයි.
 
කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් ද මරණයට පත්ව තිබෙනවා.
 
ඔහු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු හෝමාගම මූලික රෝහලට මාරුකර යවා තිබුනා.
 
එහිදී ඊයේ මියගොස් ඇති මෙම පුද්ගලයාගේ මරණයට හේතුව ලෙසට දැක්වෙන්නේ කොවිඩ් 19 ආසාදනය සමග ඇතිවූ උග්‍ර වකුගඩු ආසාදනය සහ අධි රුධිර පීඩනය සමග ඇතිවූ හෘද රෝගී තත්වයක්.
 
කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් ද මියගිය අය අතර වනවා.
 
ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කරන අවස්ථාවේදී ඊයේ මියගොස් තිබෙනවා.
 
මරණයට හේතුව ලෙසට දැක්වෙන්නේ කොවිඩ් නිව්මෝනියා තත්වය සහ උග්‍ර වූ දියවැඩියා තත්වයයි.
 
මියගොස් ඇති කාන්තාව කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි අයෙක්.
 
ඇය කොළඹ ජාතික රෝහලේ සිට කොවිඩ් ආසාදිතයෙකු ලෙසට හඳුනා ගැනීමෙන් පසු හෝමාගම මූලික රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.
 
එම රෝහලේදී ඊයේ ඇය මියගොස් ඇති අතර මරණයට හේතුව ලෙසට දැක්වෙන්නේ උග්‍ර අක්මා ආසාදනය සහ කොවිඩ් 19 ආසාදනය සමග ඇතිවූ ලේ විෂවීමේ කම්පනයයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top