දරුවන් දෙදෙනෙකු සැමියා ළඟ තබා එක් දරුවෙකු රැගෙන අනියම් සැමියා සමඟ ගිය කත
Wednesday, 30 December 2020 - 15:54 | Views - 418
අවුරුදු දහයට අඩු දරුවන් සැමියා ළඟ තබා අනියම් සැමියා සමග පිටත්ව ගිය විසිහත් හැවිරිදි කාන්තාවක් පිළිබඳව අරුම පුදුම කතාවක් හක්මන ප්‍රදේශයෙන් වාර්තා වේ.

හක්මන ප්‍රදේශයේ පුද්ගලයකු සිය බිරිය ආගිය අතක් නොමැති බවට සතියකට පමණ පෙර පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබේ.

සැමියා සිදුකළ පැමිණිල්ලට අනුව පොලිසිය විවිධ ක්‍රම යොදමින් විමර්ශන සිදුකර සිද්ධිය පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කර වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටියදී ඉකුත් 19 වැනිදා නීතිඥවරයකු මාර්ගයෙන් කාන්තාව බාර වී තිබේ.

සැමියා සහ දරුවන් ද පොලිසියට පැමිණ සිටි අතර සිද්ධිය පිළිබඳව සිදුකළ විමර්ශනයේදී දරුවන් හා තමන් සමග යාමට එන ලෙස බිරිඳගෙන් සැමියා ආයාචනා කළ ද කාන්තාව එයට බලවත් අකමැත්ත ප්‍රකාශ කරමින් අනියම් සැමියා සමග ජීවත්වන බව පවසා තිබේ.

කිසිවක් නොදත් අවුරුදු දෙකයි මාස හයක් සහ අවුරුදු හයක් සහ නවයක් වන දරුවන් තිදෙනා අසරණව මවුපිය දෙදෙනා අතරට මැදිව සිටි අතර කාන්තාව අවුරුදු දෙකයි මාස හයක් වයස පුතු ද රැගෙන අනියම් සැමියා සමග පිටව ගිය අතර සැමියා වැඩිමහල් පුතු සහ දියණිය ද රැගෙන හැඟුම්බරව පොලිසියෙන් පිටව ගොස් ඇත.  

හක්මන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක නලීන් වීරවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් ළමා හා කාන්තා අංශයේ ස්ථානාධිපති කාන්තා ප්‍රධාන පොලිස් පරීක්‍ෂක නීලා ද සිල්වා, උපපොලිස් පරීක්‍ෂක ඩබ්ලිව්.කේ. ධර්මසේන යන මහත්වරු වැඩිදුර විමර්ශන කටයුතු සිදු කළහ.

ලංකාදීප
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top