දකුණු රට කම්පා කරමින්, දුම්රියට බිලි වූ හිමිනම ගැන‍, දුම්රිය පැදවූ රියදුරා දුන් සාක්ෂිය මෙන්න
Wednesday, 30 December 2020 - 14:45 | Views - 338
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කහව හා අකුරල අතර ප්‍රදේශයේදී භික්‍ෂුන් වහන්සේ නමක් දුම්රියක හැපී පෙරේදා (28) රාත්‍රි අපවත්වී තිබේ.
 
මෙසේ අපවත්වී ඇත්තේ ඇල්පිටිය, ගණේගොඩ පුරාණ රජමහ විහාරස්ථානයේ වැඩ වාසය කළ එම විහාරස්ථානයේ විහාරාධිකාරී පිටුවල සාරද නමැති තිස් හැවිරිදි භික්‍ෂුන් වහන්සේ නමකි.

අපවත්වූ භික්‍ෂුන් වහන්සේගේ මෘත දේහය එම දුම්රියෙන්ම කහව දුම්රිය ස්ථානයට රැගෙන විත් බාරදී තිබූ බවත් මෘත දේහය මේ වනවිට බළපිටිය මූලික රෝහලේ තැන්පත් කර තිබෙන බවත් අම්බලන්ගොඩ පොලිසිය කියයි.
 
අපවත්වූ භික්‍ෂූන් වහන්සේගේ මරණ පරීක්‍ෂණය මාදම්පාගම හදිසි මරණ
 
පරීක්‍ෂක කේ. වගආරච්චි මහත්මිය විසින් සහ පශ්චාත් මරණ පරීක්‍ෂණය බළපිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි අදීන් මහතා විසින් බළපිටිය මූලික රෝහලේදී පැවැත්වීය.
 
මාදම්පාගම, වේනමුල්ල දුම්රිය හරස් මාර්ගයේදී පාර මාරු වෙමින් සිටි භික්‍ෂුන් වහන්සේ නමක් තමා පැදවූ දුම්රියේ ගැටුණු බවත් පසුව දේහය කහව දුම්රිය ස්ථානයට බාරදුන් බවත් දුම්රිය රියැදුරු නො. 22ඒ, පත්තිදුර, බූස්ස ලිපිනයේ පදිංචි දිනයාදුර සිසිර ද සිල්වා මහතා (48) ඊයේ (29) පැවැති මරණ පරීක්‍ෂණයේදී කීය.
 
මෙහිදී තවදුරටත් සාක්‍ෂි දුන් දුම්රිය රියැදුරු දිනයාදුර සිසිර ද සිල්වා මහතා (48) මෙසේද කීය.
 
“පෙරේදා (28) දින රාත්‍රි කොළඹ සිට ගාල්ල බලා ධාවනය වෙමින් තිබූ ශීඝ්‍රගාමී දුම්රියේ රියැදුරු ලෙස කටයුතු කළා. රාත්‍රි 8.45 ට පමණ මාදම්පාගම, වේනමුල්ල ප්‍රදේශය පසුකරමින් සිටියා. එහිදී පාර මාරු වෙමින් සිටි භික්‍ෂුන් වහන්සේ නමක් දුම්රියේ ගැටුණා. පසුව දේහය දුම්රියෙන්ම කහව දුම්රිය ස්ථානයට රැගෙන ගොස් බාරදුන්නා."
 
අපවත් වූ භික්‍ෂුන් වහන්සේගේ මව වන ගිනිගල්වත්ත, පිටුවල, ඇල්පිටිය ලිපිනයේ පදිංචි පිටුවල කංකානම්ගේ ඉන්ද්‍රා රෝහිණී (57) සහ අපවත් වූ භික්‍ෂූන් වහන්සේගේ සහෝදරයා වන ඉහත ලිපිනයේම පදිංචි කංකානම් විතාරණලාගේ ප්‍රභාත් විරංග (27) යන අය මෙහිදී සාක්‍ෂි දුන්හ.
 
හෙළිවූ සාක්‍ෂි හා වෛද්‍ය වාර්තාව අනුව මෙම අපවත්වීම දුම්රියේ ගැටීමෙන් හිසට, පපුවට හා උදර ප්‍රදේශයට සිදුවූ අභ්‍යන්තර තුවාල හේතුවෙන් සිදුවූ මරණයක් බවට හදිසි මරණ පරීක්‍ෂකවරිය විසින් තීරණය කළාය.
 
අම්බලන්ගොඩ පොලීසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ජයසූරිය මහතාගේ මෙහෙයවීම මත පොලිස් සැරයන් සුනිල් (58496) හදිසි මරණ පරීක්‍ෂණයේ සාක්‍ෂි මෙහෙය වීය.
 
බළපිටිය
දම්සරි ලියනගේ, අම්බලන්ගොඩ
ධර්මදාස සිරිවර්ධන,
ඇල්පිටිය ගයාන් ගුණසේකර
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "මව්බිම" පුවත්පතෙන්..
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top