කන්තලේ ගුවන් අනතුර ගැන සොයන්න චීන විශේෂඥ සහය
Wednesday, 30 December 2020 - 12:43 | Views - 332
කන්තලේ - සූරියපුර - ජනරංජන වැව ආසන්නයේදී පසුගියදා සිදුවූ ගුවන් අනතුරේ විමර්ශන සඳහා චීනයේ විශේෂඥ සහය ලබා ගැනීමට පියවර ගෙන තිබෙනවා. පසුගිය 15 වනදා මෙලෙස අනතුරට ලක්ව තිබුණේ ගුවන් හමුදාවට අයත් පී.ටී.සික්ස් වර්ගයේ පුහුණු ගුවන් යානයක්.
එම අනතුරෙන් අදාළ යානයේ 23 හැවිරිදි පුහුණු ගුවන් නියමුවා ජීවිතක්ෂයට පත්වුණා.
මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ සඳහන් කළේ අනතුර සම්බන්ධයෙන් එම ගුවන් යානය ගුවන් හමුදාවට ලබාදුන් චීනයේ - කැටික් නම් සමාගම වෙත තොරතුරු යවා ඇති බවයි.
ඒ අනුව, එරට විශේෂඥ සහය ලබා ගෙන ඉදිරි කටයුතු සිදුකිරීමට නියමිත බව ද ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
මේ අතර, මෙම ගුවන් අනතුර සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ගුවන් හමුදාපතිවරයා විසින් පත් කළ පංච පුද්ගල කමිටුවේ වාර්තාව ලබන මස මුලදී භාරදීමට ද නියමිතයි.
Share This Article