කන්තලේ ගුවන් අනතුර ගැන සොයන්න චීන විශේෂඥ සහය
Wednesday, 30 December 2020 - 12:43 | Views - 333
කන්තලේ - සූරියපුර - ජනරංජන වැව ආසන්නයේදී පසුගියදා සිදුවූ ගුවන් අනතුරේ විමර්ශන සඳහා චීනයේ විශේෂඥ සහය ලබා ගැනීමට පියවර ගෙන තිබෙනවා. පසුගිය 15 වනදා මෙලෙස අනතුරට ලක්ව තිබුණේ ගුවන් හමුදාවට අයත් පී.ටී.සික්ස් වර්ගයේ පුහුණු ගුවන් යානයක්.

එම අනතුරෙන් අදාළ යානයේ 23 හැවිරිදි පුහුණු ගුවන් නියමුවා ජීවිතක්ෂයට පත්වුණා.

මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ සඳහන් කළේ අනතුර සම්බන්ධයෙන් එම ගුවන් යානය ගුවන් හමුදාවට ලබාදුන් චීනයේ - කැටික් නම් සමාගම වෙත තොරතුරු යවා ඇති බවයි.

ඒ අනුව, එරට විශේෂඥ සහය ලබා ගෙන ඉදිරි කටයුතු සිදුකිරීමට නියමිත බව ද ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

මේ අතර, මෙම ගුවන් අනතුර සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ගුවන් හමුදාපතිවරයා විසින් පත් කළ පංච පුද්ගල කමිටුවේ වාර්තාව ලබන මස මුලදී භාරදීමට ද නියමිතයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top