අනතුරට ලක් වූ කාන්තාවකට උදව් කරන මුවාවෙන් ඇයට නරුම වැඩක් කළ ත්‍රිරෝද රථ රියදුරු අත්අඩංගුවට
Wednesday, 30 December 2020 - 11:59 | Views - 251

අනතුරට ලක් වූ කාන්තාවකට උදව් කරන මුවාවෙන් අතවරයට ලක් කළ ත්‍රිරෝද රථ රියදුරෙකු පිළිබඳ පුවතක් කළුතරින් වාර්තාවනවා.
වයස 23 ක් වන මෙම කාන්තාව පසුගිය (27) වනදා වාද්දුව ප්‍රදේශයේ තම සේවා ස්ථානයේ සේවය නිම කර ත්‍රිරෝද රථයකින් නිවසට පැමිණෙමින් සිටි අතරමගදී නිවසට අවශ්‍ය ආහාර පාන මිලදී ගැනීම සදහා කළුතර උතුර නාගස්හන්දිය ප්‍රදේශයෙන් බැස ඇති අතර , ඉන් පසු ඇය නිවාස කරා පයින් ගමන් කරමින් සිටියදී ධාවනය වෙමින් තිබු ත්‍රිරෝද රථයක් ඇයව අනතුරට ලක් කරමින් පලා ගොස් තිබෙනවා.
එම අනතුරින් සුළු තුවාල ලබා සිටි ඇයට අසල සිටි ත්‍රිරෝද රථ රියදුරකු ඉදිරිපත් වී පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් කරා ගෙන ගොස් ඇති අතර එහිදී වෛද්‍යවරයාගේ උපදෙස් මත ඇය නාගොඩ රෝහලට ඇතුලත් වීමට පැවසු නමුත් ඇය රෝහල් ගත නොවී පැමිණි ත්‍රිරෝද රථයෙන්ම නිවසට යාමට පිටත් වී තිබෙනවා.
පසුව නිවස කරා යාමට ත්‍රිරෝද රථ රියදුරුට පැවසු මාර්ගයේ නොව වෙනත් මාර්ගයක ඔහු රථය ධාවනය කරන බැවින් ඇය රියදුරුගෙන් ඒ පිළිබද විමසූ විට රියදුරු පවසා ඇත්තේ කෙටි මාර්ග වලින් ඉක්මනින් ඇය පැවැසූ ස්ථානයට ළඟා විය හැකි බවයි.
එලෙස පවසා ඔහු ඇයව කළුතර දකුණ , කොළණිය , ප්‍රදේශයේ පාලු පාරකට ගෙන ගොස් , මන්නයක් පෙන්වා කාන්තාවට මරණ තර්ජන එල්ල කරමින් බිය ගන්වා ඇයව අතවරයට ලක් කර තිබෙනවා.
එහිදී බියට පත්වූ කාන්තාව සැකකාර රියදුරුගේ වචනයට අවනත වී ඇති අතර ඉන් පසුව එම රියදුරා ඇයගේ දුරකතනයද රැගෙන එම ස්ථානයෙන් පලා ගොස් තිබෙනවා.
පසුවක් එම කාන්තාව තමාට සිදු වූ අතවරය සම්බන්දයෙන් කළුතර දකුණ පොලිසියට ගොස් පැමිණිලි කර ඇති අතර එහිදී සිද්ධිය සම්බන්දයෙන් වැඩි දුර විමර්ශන කටයුතු කළුතර උතුර පොලිස් කොට්ඨාශය වෙත බාර දී ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.
පසුව කළුතර උතුර පොලිසිය සිදු කල විමර්ශන වලදී සැකකරු පැය කිහිපයක් ඇතුලත අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 32 පමණ වන එක් දරු පියෙක් වන අතර ඔහු මේවනවිට රක්ෂිත බන්දනාගාර ගත කර ඇති බවයි පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේ.
Share This Article