ජාතික ආරක්ෂාවට ට්‍රම්ප් පාලනය කළ හානිය බරපතළයි
Wednesday, 30 December 2020 - 11:16 | Views - 294

ඇමරිකාවේ ජාතික ආරක්ෂාවට අතිශයින් වැදගත් රාජ්‍ය ආයතනවලට ට්‍රම්ප් පරිපාලනය යටතේ සිදු වූ ඇති හානිය ඉතා බලපතළ බවට ජෝ බයිඩන් චෝදනා කර ඇත.
බලය හුවමාරු කිරීම නම්‍යශිලි ආකාරයට සිදු වීමට බාධා වන පරිද්දෙන් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන තම කණ්ඩායම වෙත අත්‍යවශ්‍ය තොරතුරු සැපයීම පැහැර හරින බව ජාතික ආරක්ෂාව සහ විදේශ ප්‍රතිපත්ති සහායකයන් සමඟ සඳුදා පැවැත්වු සාකච්ඡාවකින් අනතුරුව ඔහු පවසා තිබේ.
ජනවාර් 20 වන දින ජෝ බයිඩන් බලයට පත්වීම ස්ථිර වී ඇති නමුත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරණයේ පරාජය පිළිගැනීම ප්‍රතික්ෂේප කරමින් සිටීම සමඟ එම හැසිරීම් රාටවේ සම්බන්ධයක් ඇතැයි දේශපාලන නීරික්ෂකයෝ පවසති.
සාමාන්‍යයෙන් ඇමරිකාවේ ජනාධිපතිවරණයකින් පසු බල සංක්‍රාන්තිය සඳහා අත්‍යවශ්‍ය ප්‍රධාන රහස්‍ය බුද්ධි තොරතුරු අනුප්‍රාප්තිකයා හට ලබාදීම සාමාන්‍යයෙන් සිදු කෙරෙන්නක් වුවත් මෙහිදි බයිඩන්ගේ කණ්ඩායමට විවිධ අවහිරතාවන්ට මුහුණ පෑමට සිදු විය.
බයිඩන් කළ ප්‍රකාශයෙන් පසුව වැඩබලන ආරක්ෂක ලේකම් ක්‍රිස්ට්‍රෝර්පර් මිලර් කියා සිටියේ සංක්‍රාන්ති ක්‍රියාකාරකම් සදහා සහාය වීමට උපරිම වෘත්තීය නිපුණතාවෙන් නිලධාරින් කටයුතු කරිම්න් සිටින බවයි.
අභිනවයෙන් පත්වන නිලධාරින් 400කට අධික සංඛ්‍යාවක් සමඟ ආරක්ෂක දෙපාර්තමේන්තුව සම්මුඛ සාකච්ඡා 164ක් පවත්වා ඇති අතැ පිටු 5,000කට අධික ලිපි ලේඛන ලබා දී ඇත.
එය නව ජනාධිපතිවරයිගේ කණ්ඩායම ඉල්ලා සිටියාටත් වැඩු ප්‍රමාණයකි, යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.
බයිඩන්ගේ චෝදනාව ප්‍රතික්ෂේප කරමින් පෙන්ටගනයේ ප්‍රකාශයකු පවසා ඇත්තේ නව කණ්ඩායම සමඟ පැරණි පිරිස සමඟ පූර්ණ විනිවිද භාවයෙන් කටයුතු කරන බවයි.
මවිබිම
Share This Article