කොල්ලුපිටියේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක බිම් මහල ජලයෙන් යටවී පුද්ගලයෙකු මරුට
Wednesday, 30 December 2020 - 9:40 | Views - 377
කොළඹ - කොල්ලුපිටිය ඩුප්ලිකේෂන් පාරේ ඉදිකරගෙන යනු ලබන නව ගොඩනැගිල්ලක බිම් මහල ජලයෙන් යටවීම හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
ඊයේ රාත්රියේ ඇති වූ අධික වර්ෂාවත් සමඟ බිම් මහල සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී ඇති අතර, මියගොස් ඇත්තේ එහි සේවය කරමින් සිටි පුද්ගලයෙක්.
පොලිසිය ප්රකාශ කළේ මියගිය පුද්ගලයාගේ මළසිරුර මහත් පරිශ්රමයකින් පසු අද උදෑසන සොයාගත් බවයි.
ජලයෙන් යට වූ බිම් මහලේ තවත් පුද්ගලයින් පස් දෙනෙකුද රැඳී සිට ඇති අතර, පසුව ඔවුන් බේරා ගැනුණා.
Share This Article