කොරෝනා හමුවේ නිලධාරීන් වගකීමෙන් කටයුතු කළ යුතුයි
Wednesday, 30 December 2020 - 9:31 | Views - 269
කොරෝනා තත්ත්වය හමුවේ බන්ධනාගාර නිලධාරීන් වගකීමෙන් කටයුතු කළ යුතු බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය පවසනවා.
බදුල්ල ප්‍රදේශයේ ඊයේ පැවැති උත්සවයකට එක්වෙමින් කොමසාරිස් ජනරාල්වරයා මේ බව සඳහන් කළා.
ඔහු සඳහන් කළේ එසේ නොවුනහොත් බන්ධනාගාර ආශ්රිත කොරෝනා පොකුර වර්ධනය වීම වළක්වාගත නොහැකි බවයි.
එමෙන්ම, බන්ධනාගාර නිලධාරීන්ටද එමඟින් සෞඛ්‍ය තර්ජන එල්ල විය හැකි බැවින් වඩාත් වගකීමෙන් කටයුතු කිරීම සැමදෙනාගේම අවශ්‍යතාවයක් බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
Share This Article