නැගෙනහිර පර්යන්තය ගැන වැරදි මත පතුරුවනවා
Wednesday, 30 December 2020 - 8:48 | Views - 257
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් වැරදි මතවාද ප්‍රචාරය වෙමින් පවතින බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ මහා සංඝරත්නය බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් මහා සංඝරත්නය දැනුවත් කිරීම සඳහා අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන ඊයේ නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයට පැමිණ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් බැහැදුටුවා.
පසුව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන බෙල්ලන්විල රජමහා විහාරස්ථානයට ගොස් විහාරාධිපති පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමියන් ද බැහැදුටුවා.
Share This Article