මෙරට කොරෝනා ආසාදිතයන් 42,000 ඉක්මවයි
Wednesday, 30 December 2020 - 8:43 | Views - 316
කොරෝනා ආසාදිතයන් 453 දෙනෙකු ඊයේ වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව හතලිස් දෙදහසේ සීමාව ඉක්මවා ගියා.

එය සටහන් වුයේ 42,063 ලෙසයි. ඒ අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස්, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ සහ බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා පොකුර 38,343 දෙනෙකු වනවා.

නව ආසාදිතයින් අතරින් 35 දෙනෙකු බන්ධනාගාරවලින් වාර්තා වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 7,944 ක්. ඊයේ දිනයේදී තවත් ආසාදිතයින් 704 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යෑමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව සටහන් වන්නේ 33,925 ක් ලෙසයි.  

එමෙන්ම, තවත් කොරෝනා ආසාදිත පුද්ගලයෙකුගේ මරණයක් ඊයේ වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 195 ක් වනවා. මෙලෙස මියගොස් ඇත්තේ  වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙක්.

කොවිඞ් නියුමෝනියා සහ වකුගඩු ආසාදනය වීම හේතුවෙන් ඊයේ දිනයේදි ඔහු හෝමාගම මුලික රෝහලේදි මියගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top