නත්තල්දා අද්භූත ඡායාරූපයක් පළ කර, ගුප්ත පුද්ගලයෙකු සමඟ අතුරුදහන් වූ, 19 හැවිරිදි තරුණියක් නිසා සමාජ මාධ්‍ය උණුසුම් වෙයි
නත්තල් දිනය දා අභිරහස් ලෙස අතුරුදහන් වූ 19 හැවිරිදි යෞවනියක් ගැන පුදුම සහගත පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම පුවත වාර්තා වන්නේ එංගලන්තයේ හම්බර්සයිඩ් ප්‍රදේශයෙන්. 19 හැවිරිදි මේ තරුණිය නමින් ක්ලෝයි ෆියුස්ටර්.
පොලිසිය මෙය වඩාත් "ආන්දෝලනාත්මක" සිදුවීමක් ලෙස අර්ථ ගන්වන්නේ ඇය විසින් පළ කර තිබූ අද්භූත ආකාරයේ ඡායාරූපයක් නිසයි.
එමෙන්ම ඒ ඡායාරූපය සමඟ ඇය ගුප්ත පණිවුඩයක් ද නිකුත් කර තිබුණා.
ඇගේ පෙම්වතා විය හැකි අයෙකු සමඟ ඇය අතුරුදහන් වන්නට ඇති බවයි ඥාතීන් පවසන්නේ.
කෙසේ වෙතත්, ඇගේ සමාජ මාධ්‍ය ගිණුමේ පළ කර තිබූ ඡායාරූපය ඇය විසින් පළ කළ එකක් නොවිය හැකි බවයි ඇගේ මාපියන් විශ්වාස කරන්නේ.
අතුරුදහන් වීමට පෙර ඇය මිතුරන් හා සමාජ මාධ්‍ය ගිණුම් තුළත් සක්‍රීයව සිටි බව ඇයට සමීප පිරිස් පොලිසියට සඳහන් කර තිබුණා.
කෙසේ වෙතත්, තරුණියගේ මව දන්වා ඇත්තේ ඇය දුටුවොතින් 999 නාද කරන ලෙසයි.
Dailymail ඇසුරිනි.
