නත්තල්දා අද්භූත ඡායාරූපයක් පළ කර, ගුප්ත පුද්ගලයෙකු සමඟ අතුරුදහන් වූ, 19 හැවිරිදි තරුණියක් නිසා සමාජ මාධ්‍ය උ‍ණුසුම් වෙයි
Tuesday, 29 December 2020 - 16:12 | Views - 209
නත්තල් දිනය දා අභිරහස් ලෙස අතුරුදහන් වූ 19 හැවිරිදි යෞවනියක් ගැන පුදුම සහගත පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
 
මෙම පුවත වාර්තා වන්නේ එංගලන්තයේ හම්බර්සයිඩ් ප්‍රදේශයෙන්. 19 හැවිරිදි මේ තරුණිය නමින් ක්ලෝයි ෆියුස්ටර්.

පොලිසිය මෙය වඩාත් "ආන්දෝලනාත්මක" සිදුවීමක් ලෙස අර්ථ ගන්වන්නේ ඇය විසින් පළ කර තිබූ අද්භූත ආකාරයේ ඡායාරූපයක් නිසයි.
 
එමෙන්ම ඒ ඡායාරූපය සමඟ ඇය ගුප්ත පණිවුඩයක් ද නිකුත් කර තිබුණා.
 
ඇගේ පෙම්වතා විය හැකි අයෙකු සමඟ ඇය අතුරුදහන් වන්නට ඇති බවයි ඥාතීන් පවසන්නේ.
 
කෙසේ වෙතත්, ඇගේ සමාජ මාධ්‍ය ගිණුමේ පළ කර තිබූ ඡායාරූපය ඇය විසින් පළ කළ එකක් නොවිය හැකි බවයි ඇගේ මාපියන් විශ්වාස කරන්නේ.
 
අතුරුදහන් වීමට පෙර ඇය මිතුරන් හා සමාජ මාධ්‍ය ගිණුම් තුළත් සක්‍රීයව සිටි බව ඇයට සමීප පිරිස් පොලිසියට සඳහන් කර තිබුණා.
 
කෙසේ වෙතත්, තරුණියගේ මව දන්වා ඇත්තේ ඇය දුටුවොතින් 999 නාද කරන ලෙසයි.
 
Dailymail ඇසුරිනි.




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top