රෝහල්ගත කළ සුපිරි නළු රජිනි කාන්ත්, විශේෂ තීරණයක් ගනී‍
Tuesday, 29 December 2020 - 15:35 | Views - 264
කොවිඩ් වසංගතය හමුවේ දේශපාලන කටයුතුවල නිරත වීමට තරම් සෞඛ්‍ය තත්ත්වය යහපත් නොවන හෙයින් තමා විසින් දේශපාලනයට පිවිසීමට ගත් තීරණය වෙනස් කළ බව සුපිරි දමිළ නළු රජිනි කාන්ත් පවසනවා.
 
ඒ අනුව තමා දේශපාලන පක්ෂයක් ආරම්භ කර මැතිවරණයට පිවිසෙන්නෙ නැති බව ඔහු විසින් ප්‍රකාශ කර තිබෙනවා.

පසුගිය දිනෙක සුපිරි නළුවා, හයිද්‍රාබාද්හි ඇපලෝ රෝහලට හදිසියේම ඇතුළත් කර ඇති අතර, සතියක පමණ කාලයක් ඔහුට විවේක ගැනීමට ද උපදෙස් ලැබී තිබුණා.
 
තමා විසින් යෝජිත දේශපාලන පක්ෂය දෙසැම්බර් මාසයේ 31 වැනිදා ප්‍රකාශයට පත් කරන බත රජිනිකාන්ත් පසුගිය දිනෙක සඳහන් කර තිබුණා.
 
කෙසේ වෙතත්, ඔහු දේශපාලනයෙන් ඉවත් වන බවටයි ට්විටර් පණිවුඩයක් මඟින් අනාවරණය කර තිබුණේ.
 
"මේ සියල්ලට හේතුව මගේ සෞඛ්‍ය තත්ත්වයයි. මම දේශපාලනයට පිවිසුණොත් මට දහස් ගණනක්, ලක්ෂ ගණනක් ජනතාව මුණ ගැසීමට සිදු වනු ඇති. මැතිවරණ කටයුතුවලදී යම් ගැටළු ඇති වුවහොත් එය අවාසනාවන්ත තත්ත්වයකට මඟ පාදනු ඇති.."
 
"මම දේශපාලනයට පිවිසෙනු ඇතැයි අපේක්ෂාවෙන් සිටි මගේ රසිකයින්ගෙන් හා ආර්එම්එම් සාමාජිකයින්ගෙන් මම සමාව අයදිමි. මේ තීරණය ගැනීම නිසා මා විඳින වේදනාව කොතරම් දැයි මා දනිමි.." යැයි ඔහු එහි සඳහන් කර තිබුණා.

ඉන්දීය මාධ්‍ය ඇසුරිනි.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top