කොවිඩ් වසංගතය හමුවේ දේශපාලන කටයුතුවල නිරත වීමට තරම් සෞඛ්‍ය තත්ත්වය යහපත් නොවන හෙයින් තමා විසින් දේශපාලනයට පිවිසීමට ගත් තීරණය වෙනස් කළ බව සුපිරි දමිළ නළු රජිනි කාන්ත් පවසනවා.
ඒ අනුව තමා දේශපාලන පක්ෂයක් ආරම්භ කර මැතිවරණයට පිවිසෙන්නෙ නැති බව ඔහු විසින් ප්‍රකාශ කර තිබෙනවා.
පසුගිය දිනෙක සුපිරි නළුවා, හයිද්‍රාබාද්හි ඇපලෝ රෝහලට හදිසියේම ඇතුළත් කර ඇති අතර, සතියක පමණ කාලයක් ඔහුට විවේක ගැනීමට ද උපදෙස් ලැබී තිබුණා.
තමා විසින් යෝජිත දේශපාලන පක්ෂය දෙසැම්බර් මාසයේ 31 වැනිදා ප්‍රකාශයට පත් කරන බත රජිනිකාන්ත් පසුගිය දිනෙක සඳහන් කර තිබුණා.
කෙසේ වෙතත්, ඔහු දේශපාලනයෙන් ඉවත් වන බවටයි ට්විටර් පණිවුඩයක් මඟින් අනාවරණය කර තිබුණේ.
"මේ සියල්ලට හේතුව මගේ සෞඛ්‍ය තත්ත්වයයි. මම දේශපාලනයට පිවිසුණොත් මට දහස් ගණනක්, ලක්ෂ ගණනක් ජනතාව මුණ ගැසීමට සිදු වනු ඇති. මැතිවරණ කටයුතුවලදී යම් ගැටළු ඇති වුවහොත් එය අවාසනාවන්ත තත්ත්වයකට මඟ පාදනු ඇති.."
"මම දේශපාලනයට පිවිසෙනු ඇතැයි අපේක්ෂාවෙන් සිටි මගේ රසිකයින්ගෙන් හා ආර්එම්එම් සාමාජිකයින්ගෙන් මම සමාව අයදිමි. මේ තීරණය ගැනීම නිසා මා විඳින වේදනාව කොතරම් දැයි මා දනිමි.." යැයි ඔහු එහි සඳහන් කර තිබුණා.
ඉන්දීය මාධ්‍ය ඇසුරිනි.
