සතියේ එක්දිනක් දේශීය ඇඟලුම් නිෂ්පාදන භාවිත කරන ලෙසට රාජ්‍ය සේවකයින්ට ඉල්ලීමක්
Tuesday, 29 December 2020 - 14:26 | Views - 538
දේශීය ඇඟලුම් භාවිත කරමින් සතියේ එක් දිනක් රාජ්‍ය සේවයට වාර්තා කරන්නයි රජයෙන් ඉල්ලීමක්
 
මේ වන විට බතික්, අත්යන්ත්‍ර හා රෙදි හා දේශීය ඇගලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශය විසින් එයට සමගාමී ජාතික වැඩසටහන් ගණනාවක් විවිද නියැදි තෝරා ගනිමින් ක්‍රියාත්මක කර තිබෙනවා.

එය තව දුරටත් ඉදිරියට ගෙන යමින් මිලියන තුනකට ආසන්න රාජ්‍ය සේවයේ යෙදෙන රටේ සියලු රාජ්‍ය සේවකයන්ගේද සහාය ලබා ගැනීම සඳහා ලබන වසරේ (2021) දී ,සතියේ එක් දිනක් දේශයව නිෂ්පාදනය කරන ඇඟලුම් භාවිතා  කරමින් සේවයට වාර්තා කරන ලෙස  රාජ්‍ය අමාත්‍ය නීතීඥ දයාසිරි ජයසේකර රාජ්‍ය සේවයේ  නියතු සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරනවා.

මේ සම්බන්ධයෙන් වන නියාමනයක් අදාළ අමාත්‍යංශ, දෙපාර්තමේන්තු,සංස්ථා ප්‍රධානීන් වෙත ලිඛිත ඇඟලුම්වල සැකැස්ම පිළිබදව විස්තර යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙමඟින් කාරණා ගණනාවක් අපේක්ෂා කර ඇති අතර, විශේෂයෙන් ම දේශීය ඇඟලුම් නිෂ්පාදකයින් ආරක්ෂා කිරිමත්, දේශීය වශයෙන් ඇඟලුම් ක්ෂේත්‍රයේ නව රැකියා උත්පාදනයත්, ඇඟලුම් සඳහා වාර්ෂිකව විදේශයන්ට ගලා යන  විශාල දේශීය විනිමය නවත්වා ගැනීමත් ආදී කරණා ගණනාවක් බලාපොරොත්තු වන අතර මේ හරහා  ජනාධිපතිතුමන් ගෙන යන සෞභාගය දැක්ම වැඩසටහන අති සාර්ථක කර ගැනීමත් විශේෂ වන බව ද සදහන් කර තිබෙනවා .
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top