කොළඹ නාගරික සීමාවේ කොරෝනා ආසාදිතයින් යළි ඉහළට
Tuesday, 29 December 2020 - 13:25 | Views - 400
පසුගිය දිනවල කොරෝනා ආසාදිතයින් වාර්තා වීමේ අඩුවක් දක්නට ලැබුණු කොළඹ මහ නගර සභා සීමාවෙන් ඊයේ (28) දිනයේදී යළිත් රෝගීන් වාර්තාවීමේ වැඩිවීමක් පෙන්නුම් කළා.

මෙරටින් ඊයේ  (28) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 549 දෙනා අතරින් 220 දෙනෙකුම කොළඹ මහ නගර සභා සීමාවෙන් වාර්තා වීම විශේෂත්වයක්.

ඒ අනුව දෙමටගොඩින් ආසාදිතයින් 121 ක්, කිරුළපනින් ආසාදිතයින් 23ක්, වැල්ලවත්තෙන් ආසාදිතයින් 18 ක් වාර්තා වී තිබුණා.

එසේම,ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 124 දෙනා අතර, මහරින් හඳුනාගත් ආසාදිතයින් 35 දෙනෙකු සහ මීගමුවෙන් හඳුනාගත් ආසාදිතයින් 11 දෙනෙකු සිටියා.

මෙරටින් මේ වනවිට වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 41,603 ක් වන අතර, සම්පූර්ණයෙන්ම සුවය ලැබූ ආසාදිතයින්ගේ සංඛ්‍යාව 33,221 ක්.

තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 8,188 ක් පමණයි.

කොරෝනා ආසාදිත රෝගීන්ගේ මරණ 03 ක් ඊයේ දිනයේදී වාර්තා වීමත් සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 194 දක්වා ඉහළ ගියා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top